දිස්ත්‍රික්ක 14කට කාලගුණයෙන් තද වැසි සහිත කාලගුණ නිවේදනයක්

August 30, 2022 at 11:30 AM

ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පහළ මට්ටමේ කැළඹීම් තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

දකුණේ ඇතැම් ස්ථානවලට, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, බස්නාහිර සහ උතුරු-මැද පළාත් වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දක්වෙන්න්.

වැසි තත්ත්වයත් සමග තාවකාලික තද සුළං සහ අකුණු ගැසීම් ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටිනවා.