නීති විරෝධී අයුරින් රටින් සංක්‍රමණය වෙන්න තැත් කළ පිරිසක් නාවික හමුදා භාරයට

August 29, 2022 at 11:43 AM

නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 44 දෙනෙකු ඊයේ දින රාත්‍රියේදී නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානය මඟින් ඊයේ දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සහ ඔවුන් රැඳී සිටි ධිවර යාත්‍රා මේ වන විට වැඩිදුර විමර්ශනය සඳහා පොලිසිය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.