රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට අත්සන් තැබේ

August 26, 2022 at 11:11 AM

සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව තමන් අත්සන් කළ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති සමාව ලබාදීමේ දී මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදුනොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. ඒ අනුව ඔහු මේ වන විට අවුරුදු 01යි මාස 07ක ආසන්න කාලයක් සිය සිර දඬුවම් විදිමින් සිටිනවා.