ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ අස්වැන්න වැඩිහිටියන්ට

August 25, 2022 at 2:19 PM

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාල පරිශ්‍රයේ එළවලු වගාවේ පළමු අස්වැන්න වැඩිහිටි නිවාසයකට ලබා දී තිබේ .
බොරැල්ල ලංකාරාමය විහාරස්ථානය මගින් පාලනය වන වැඩිහිටි නිවාසයක් වෙත එම අස්වැන්න භාර දීම ස්විට්සර්ලන්තයේ තානාපති වරයා ඇතුලු පිරිසක් විසින් සිදුකෙරිණ .

ලංකාවේ දේශගුණයට ස්තුතියි , සතිතුනක අස්වැන්න මෙලෙස ප්‍රදානය කිරීමට හැකි වුණා ” යැයි තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ.