ශ්‍රීලංකාව ට පැමිණීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි ඉන්දියාව එරට සංචාරකයින් ට කියයි.

August 25, 2022 at 11:26 PM

ශ්‍රීලංකාවේ අත්‍යවශ්‍ය සංචාරයක නිරත වන්නේ නම් ඊට පෙර එම දිවයිනේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඉන්දියාව එරට ජනතාවට දැනුම් දෙයි.

එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක අරින්ද්‍රම් භග්චි සිය සතිපතා ප්‍රවෘත්ති සාසාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

ඒ එරට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

අප දන්නවා තවමත් ලංකාවේ ප්‍රධාන සංචාරක මූලාශ්‍රය ඉන්දියානු ජාතිකයින් බව. ලංකාවේ තත්ත්වය සහ එහි වර්ධනයන් අප විමසිල්ලෙන් අධ්‍යයනය කරනවා.
කොහොම වෙතත් ලංකාවට පැමිණීමේදී එරට තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස අප ජනතාවට කියනවා.
මුදල් හුවමාරු කිරීමේ හැකියාව වගේම ඉන්ධන වල තත්ත්වය ගැන විමසිලිමත් වීම වැදගත්

ඔහු සඳහන් කළේය.