පෞද්ගලික ඉන්ධන ගබඩා 2100ක් ,බහුතරයකට අවසර නෑ !

August 25, 2022 at 2:56 PM

පෞද්ගලික ඉන්ධන ගබඩා 2100ක් පමණ මෙරට ස්ථාපනය කර ඇතිබව බලශක්ති අමාත්‍යංශය අනාවරණය කරගෙන ඇත.

ඉන් බහුතරය අනවසර ඒවා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒස අනවසර ඉන්ධන ගබඩා වල අවශ්‍ය නිර්ණායකයන් සපුරා නොමැති අතර ඒවාට ඉන්ධන සැපයීමක් නොකරන බවද අමාත්‍යවරයා පවසයි.

ඉන්ධන බෙදාහැරීමේ දී ප්‍රමුඛතාව දෙනුලබන්නේ ඉන්ධන පිරවුම්හල් සඳහා බව ඔහු සඳහන් කර ඇත.

පෞද්ගලික ඉන්ධන ගබඩා සඳහා ඉල්ලුම් කොට අවසර සහිතව පවත්වාගෙන යා හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.