සංශෝධිත අයවැය අගෝස්තු 30 වෙනිදා

August 24, 2022 at 2:10 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සංශෝධිත අයවැයක් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව එදින පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00ක දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කර සිටියි.

ඉන් අනතුරුව සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.