රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සඳහා යාමට අදාල උපදෙස් නිකුත් කෙරේ

August 24, 2022 at 2:55 PM

ජෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය සේවකයින්ට විදේශ රටවල රැකියාවන් සඳහා වැටුප් රහිතව නිවාඩු ලබා පිටත්ව යෑමට අදාළ වන කොන්දේසි ඇතුලත් චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛය වලංගු වේ.

ඒ අනුව මෙම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් මෙරටට යම් විදේශ විනිමය එවීම අනිවාර්ය කර ඇත. එය ඒ ඒ සේවකයින් ගේ ජෙෂ්ඨත්වය අනුව තීරණය කරනු ඇත.