ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ජා පැවැත්වේ

August 24, 2022 at 7:31 PM

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කරනු ලැබුවා.

ඒ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

එසේම මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වන සිකුරාදා පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.

මේ අතර තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහා බැංකු නිලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡාකිරීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.