සුපර් ඩීසල් තොග රැගත් නෞකාවක් පැමිණෙයි

August 23, 2022 at 8:02 PM

ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිත ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 30,000ක් හෙට දිනයේදී ගොඩබෑමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

මේ අතර බොරතෙල් රැගත් නෞකාවක් අද රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර තවත් ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් මෙම මස 25-26 දිනවලදී පැමිණීමට නියමිතය. එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් තොග රැගත් නෞකාවක් මෙම මස 27-29 තුලදී මෙරටට පැමිණීමට නියමිතය.

භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ දිනයේ සිට ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.