ලොව ඉහළම ආහාර මිල උද්ධමනය අතර ශ්‍රී ලංකාවට හිමිවූ ස්ථානය

August 23, 2022 at 10:09 AM

ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා.

එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රට වන්නේ ලෙබනනයයි.

සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුව ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින සෙසු රටවල් වනවා.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66.7ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය පසුගිය ජුනි මාසයේ පැවති උද්ධමන වේගයට සාපේක්ෂව සියයට 7.8ක ඉහල යාමක්.

ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 82.5ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉකුත් ජූනි මාසයේදී එම අගය පැවතුනේ සියයට 75.8ක් ලෙසයි.