රාජ්‍ය සේවයට ආ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට විභාගයක්

August 23, 2022 at 3:34 PM

රාජ්‍ය සේවයට මෑත දී බඳවාගත් උපාධිධාරීන් 53,000 අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ට විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරුන් වශයෙන් බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඔවුන් උපාධියට අමතර ව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මගින් ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ 53000ක් බඳවා ගත් අතර තම අභිලාෂය අනුව එම පිරිසට ගුරු සේවයට අයදුම් කිරීමට පසුව අවස්ථාව ලබා දී තිබුණි.