රටකජු වලින් රට ස්වයංපෝෂිතයි – කෘෂි ඇමති

August 23, 2022 at 9:40 AM

රටකජුවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතය බව කෘෂි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් 30,000කික් වුවත් මේවනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇති බව සඳහන්.

මේ අතර ජම්බෝ පීනට්ස් සඳහා රටකජු ආනයනය කළත් මින්පසු ජම්බෝ පීනට්ස් සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයට විකල්ප ප්‍රභේදයක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ජම්බෝ නම් එම විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජුවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළයි.

එම නිසා ශ්‍රී ලංකා ජම්බෝ රටකජු නිසා මින්පසු රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කර සිටියා.