ජාතික ඉන්ධන අවසර පත්‍රය නිසා රටට අත්වූ වාසිය ගැන නිවේදනයක්

August 22, 2022 at 11:30 AM

QR මත පදනම් වූ ජාතික ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන ආනයන බිල ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 230 දක්වා පහත වැටී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ QR කේතය පදනම් කරගත් කෝටා ක්‍රමය යටතේ මහජනතාවට ඉන්ධන බෙදා හැරීමෙන් රජයට විශාල විදේශ ඉතිරියක් ඇති වී ඇති බවයි.

බලශක්ති අමාත්‍යාංශයට අනුව, මේ වන විට වාහන මිලියන හයක් ජාතික ඉන්ධන බලපත්‍රය සමඟ ලියාපදිංචි වී ඇති අතර, රට පුරා ඉන්ධන පිරවුම්හල්වලින් 93% ක් QR මත පදනම් වූ ඉන්ධන බෙදා හැරීමේ පද්ධතිය ක්‍රියාත්මක කර ඇත.