ඉන්දියාවට යන්න ගිහින් මුහුද මැද දින තුනක් සිරවූ අට දෙනෙකු බේරාගනී

August 22, 2022 at 6:51 AM


ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්
ධනුෂ්කොඩි අසල මුහුද මැද දින 3ක්
අතරමංව සිටි ළමුන් තිදෙනෙකු සහ
ළදරුවෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින්
8 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

ඉන්දියාව බලා පසුගිය දිනවල ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ජනතාව පලායාම ආරම්භ කළේ රටතුල පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය ආරම්භ වීමත් සමගය.

ඡායාරූප | ඉන්දියාවේ ANI