තෙල් වෘත්තීය සමිති හෙට විරෝධතාවයක : බලශක්ති ඇමතිගෙන් සටහනක්

August 21, 2022 at 11:38 AM

ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිව්‍යුහගත සැලසුම්වලට විරෝධය පල කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේ සැලසුම් පිළිබඳව ඔවුන්ව මෙයට පෙර දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

විරෝධය පල කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත් ඛණිජ තෙල්, විදුලිබල යන ක්ෂේත්‍ර 2කම ප්‍රතිව්‍යුහගත කල යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව හෙට පස්වරු 2.00ට ඛනිජ තෙල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.