ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

August 21, 2022 at 10:33 AM

සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගන්නැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවට දැනුම් දී සිටියේ.