ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගත් ගුවන් යානා ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

August 21, 2022 at 11:58 AM

මේ දක්වා ඉන්ධන පිරවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් ගමන් 208ක් කේරළයේ තිරුවන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊයේ (20) දිනයේදී පමණක් ගුවන් යානා 4ක් ඉන්ධන පිරවීම සඳහා තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළට පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ වසරේ මැයි 27 වැනිදා සිට ශ්‍රී ලංකාව බලා පැමිණි ගුවන් යානා 208ක් ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගෙන ඇති අතර ඉන් වැඩිම ගුවන් යානා සංඛ්‍යාවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් බව සඳහන්.

ඉන්ධන පිරවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් 130ක් ඊයේ වනතුරු තිරුවානන්තපුරම් හි නවතා ඇති බව සඳහන්.

අනෙකුත් ගුවන් සමාගම් වන ෆ්ලයි ඩුබායි, ඕමාන් එයාර්, ගල්ෆ් එයාර්, එයාර් ඇරබියා, එමිරේට්ස් විවිධ ගමනාන්ත වෙත පියාසර කරනු ලබනවා.

ඉකුත් මැයි 27 වැනි දින සිට ශ්‍රී ලංකා ගුවන් යානා තිරුවානන්තපුරම් ගුවන් තොටුපළෙන් ඉන්ධන ලබා ගැනීම ආරම්භ කළේ ඉන්ධන හිඟයකට මුහුණ දීමෙන් පසුවයි.