සපුගස්කන්ද පිරිපහදුව අද සිට වැඩ අරඹයි

August 20, 2022 at 6:50 PM

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට සිය මෙහෙයුම් ආරම්භ කළ බව කංචන විජේසේකර සඳහන් කර සිටියා.

බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 100,000ක් ගොඩබා ඇති බවත් මෙට්ට්‍රික් ටොන් 120,000ක් ඇතුලත් නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම නෞකා දෙකෙන් රැගෙන එන බොර තෙල් සමග දින 40ක කාලයක් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මේ අතර ගුවන් යානා ඉන්ධන තොගයක් අද රාත්‍රියේ ගොඩබෑමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා.