විදෙස් ගතවන කාන්තාවන්ට නව කොන්දේසි

August 20, 2022 at 1:03 PM

රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරිම අනිවාර්ය වේ.

මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගනු ලැබූ තීරණ :

  • වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.
  • තවද රැකියාවක් සඳහා විදේශ ගතවන කාන්තාවන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව හෝ වයස අවුරුදු දෙකට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරි ලවා සහතික කර, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය.
  • එසේ සම්පුර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් සිදුකරන ලබන විදේශ ගත විම සඳහා නිර්දේශ කිරිම හෝ නිර්දේශ නොකිරිම පිළිබඳ තොරතුරු දුරකථන කෙටි පණිවුඩයක් මඟින් (SMS) කාර්යාංශය වෙත තහවුරු කළ යුතුවේ.
  • කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවක් සදහා විදේශ ගතවී සිට නැවත (Re-entry) වීසා සකස් කරගෙන මෙරටට පැමිණෙන කාන්තාවන් හා කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශ ගතවී සිට පැමිණ මාස 6ක කාලසිමාව තුලදි යළි විදේශ ගතවන කාන්තාවන් මෙම වාර්තාව ලබාදිමෙන් නිදහස් කර ඇත.
  • මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කාන්තාවන් අනිවාර්යෙන් මෙම වාර්තාව ලබාගත යුතු අතර, එසේ නොවන අයට රැකියාවක් සඳහා විදේශ ගතවීමට කිසිදු අවස්ථාවක් හිමි නොවේ.
  • මිට ඉහත දි ක්‍රියාත්මක වු වයස අවුරුදු 45 ඉක්ම වු කාන්තාවන් මෙම සීමාවන් තුලින්, ඉවත්කර තිබුනද 2022.08.19 දින සිට කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනිම සඳහා අවශ්‍ය කරනු ලබන ලේඛන සම්පුර්ණ කළයුතුවේ.

නව සංශෝධනයට අනුව 2022.08.19 දින සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව කාර්යාංශය දන්වා සිටියි.