හිටපු ජනපති ගැන පොහොට්ටුව ජනපතිගෙන් සිදුකළ ඉල්ලීම

August 19, 2022 at 11:18 AM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම සිදුකර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සදහන් කර සිටියි.