සඳුදා සිට බිත්තර මිල පහලට

August 19, 2022 at 2:41 PM

ලබන සදුදා සිට බිත්තර මිල පහත හෙළන බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි

එම සංගමයේ පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමය, ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින් තම ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමටයි අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වුණේ

කුකුළු ආහාර මිල ඉහලයාම සහ හිඟය ඇතුලු ගැටලු හේතුවෙන් වෙළඳපලේ බිත්තර මිල ඉහලගොස් ඇති අතර රුපියල් 60ක පමණ මිලකට බිත්තර අලෙවි වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව අසීරුතාවට මුහුණ දුනි.

මේ අතර වෙලඳ අමාත්‍යවරයා පැවසුවේ බිත්තර මිල පහල නොදමන්නේ නම් පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරන බවයි.