වසන්ත මුදලිගේ අත්අඩංගුවට

August 18, 2022 at 5:27 PM

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් අද පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.