මහ බැංකුවෙන් පොදු සමා කාලයක්

August 18, 2022 at 11:27 AM

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු 15 වනදා සිට මහජනතාව අතේ ඇති විදේශ මුදල් තැන්පත් කිරීමට/විකිණීමට මාසයක සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මහජනතාව සතුව පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගය විදේශ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ හෝ රට තුල නේවාසිකව සිටින පුද්ගලයින් සඳහායි.