මර්වින් සිල්වා අත්අඩංගුවට

August 18, 2022 at 12:46 PM

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ වසර කිහිපයකට පෙර රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවයි