ජනපති ලබන මාසයේ ජපානයට?

August 18, 2022 at 6:44 PM

ලබන මාසයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා ටෝකියෝ නුවර බලා පිටත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඒ රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනුයි.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කිරීමට ජපානය ට ඇරයුම් කරන බවයි.