ඉහළම උද්ධමනය සැප්තැම්බරයේ! මහබැංකු අධිපති කියයි

August 18, 2022 at 2:51 PM

මෙර උද්ධමනය ලබන සැප්තැම්බර් මාසයේදී ඉහලම අගය වාර්තාකරනු ඇතිබව මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහබැංකුවේ අදපැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඉන් පසුමෙරට උද්ධමනය ක්‍රමිකව පහළ යනු ඇතිබවයි.

උද්ධමනය 70%ක් තරම් ඉහල අගයක් ගනු ඇති බවට මුලින් අපේක්ෂා කළද එම මට්ටම 65% නොඉක්මවනු ඇති බවද ඔහු පැවසීය.