සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය කතට හිමිවූ ලොතරැයි තෑග්ග

August 17, 2022 at 10:26 AM

කිළිනොච්චියේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවට ගොස් සරණාගතයෙක් වශයෙන් කල් ගෙවූ කාන්තාවකට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් නවකෝටි අසූ දෙලක්ෂයක තෑගි මුදලක් අබුඩාබියේ ලොතරැයි දිණුමකින් ඇයට හිමි වී තිබෙනවා.

තමිල්නාඩුවේ සිටි ඇය විවාහ වීමෙන් පසුව අබුඩාබියේ රැකියාවකට ගොස් ඇති අතර එහිදී මිලට ගත් ලොතරැයි පතකට අබුඩාබී ඩිරාම් මිලියනයක මුදලක් හිමිව තිබෙනවා.

ලොතරැයි පත් 80 ක් මිලට ගත් අරුල්සේකරම් සෙල්වරාණී නැමති එම කාන්තාවට අදාළ ලොතරැයි දිණුම හිමි වනවන විටත් ඇය නිවාඩුවකට තමිල්නාඩුවට පැමිණ ඇති අතර ත්‍යාග මුදල සම්බන්ධයෙන් ඇයව දැනුවත් කොට ඇත්තේ අදාළ ලොතරැයි සමාගම විසින් බවයි වාර්තා වන්නේ.

(දිවයින පුවත්පත)