හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

August 16, 2022 at 8:16 PM

මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා.

අද පස්වරුවේ පැවති ” විද්වත් වෘත්තිකයින්ගේ සම්මේලනය – 2022″ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර ඩයස්පෝරාවේ සහය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි.

රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.