හෙට සිට පැය 03ක විදුලි කප්පාදුවක්

August 15, 2022 at 3:37 PM

හෙට දිනයේ සිට දෛනික විදුලි කප්පාදු කාල සටහන පැය 03ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රයේ ඇතිවූ මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වුවා.

මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.