විදුලි කප්පාදුව දීර්ඝ කරනවා ද ? මහජන උපයෝගිතා කොමිසමෙන් පිළිතුරු

August 15, 2022 at 1:22 PM

දෛනික විදුලි කප්පාදුව පැය තුනක් දක්වා දීර්ඝ කරනු ඇති බවට මේ වනවිට වාර්තා පළ වනවා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ අද දිනයේ විදුලි කප්පාදුවේ වෙනසක් සිදුනොකරනු ලබන බවයි.

කෙසේ වුවද හෙට දිනයේ සිට විදුලි කප්පාදු කාල සටහන වෙනස් කිරීමට සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය අද සවස නිකුත් කිරීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු ඒකකයේ බිඳ වැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 14කට අධික කාලයක් ගත වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.