නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම ගැන ඇමතිගෙන් දැනුම් දීමක්

August 15, 2022 at 10:56 AM

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ හදිසි බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. මේ වන විට තාක්ෂණික කාර්ය මණ්ඩලය එහි ඇතිවූ දෝෂය හඳුනා ගැනීමටකටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

මේ අතර එම බලාගාරයේ පිහිටි 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත් 3 වන ජනන යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා වෙස්ට් කෝස්ට් සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.