ඉන්ධන කෝටාව යාවත්කාලින කරයි

August 15, 2022 at 8:06 AM

මෙම සතියට නියමිත ඉන්ධන කෝටාව අද උදෑසන යාවත්කාලින කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සතියේදී ද මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 20ක් නිකුත් කර ඇත. එමෙන්ම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා පසුගිය සතියේ දී ලබාදුන් ඉන්ධන කෝටාවම නිකුත් කර ඇති බව සඳහන්.