ඉන්දියාව ගුවන් හමුදාවට ඩ්‍රෝනියර් යානයක් ලබාදෙයි. ජනපති ප්‍රධානත්වයෙන් උත්සවයක්

August 15, 2022 at 5:07 PM

ශ්‍රීලංකා ගුවන් හමුදාවට ඉන්දීය රජය මගින් තිලිණ කළ ඩ්‍රෝනියර් 228 යානය නිල වශයෙන් ලබාදීම අද සිදුවිය.

ඒ සඳහා ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැති අතර මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් හාග්ලේ ද එම අවස්ථාව ට එක් විය.

කෙටි ධාවන පථ මත මෙහෙයුම් කළ හැකි මෙම යානය මෙරට සමුද්‍රීය ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනීමට නියමිත ය.