හෙට සිට තැපැල් ගාස්තු ඉහළ දමන අයුරු ගැන දැනුම් දෙයි

August 14, 2022 at 10:12 AM

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය හෝ ව්‍යාපාරික ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ලියාපදිංචි ලිපියක තැපැල් ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 30 සිට රුපියල් 60 දක්වායි.

තැපැල් කාර්යාල හරහා මුදල් ඇනවුමක් භාවිතයෙන් ප්‍රේෂණය කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂය දක්වා වැඩි කර තිබෙනවා.