ඉන්ධන නෞකාවන් ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්

August 14, 2022 at 10:07 AM

මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් බොරතෙල් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

බොරතෙල් නෞකාවේ සාම්පල් පරීක්ෂාව අද දිනයේ සිදු කරන බවයි බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ සදහන් කළේ.

මේ අතර තවත් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් ලබන 23 සහ 29 අතර කාලය තුළ දිවයිනට පැමිනීමට නියමිතව තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ මැද වන විට නැවත සක්‍රිය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.