අමෙරිකානු තානාපතිනිය සහ සංචාරක ඇමති අතර හමුවක්

August 12, 2022 at 2:08 PM

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එම මෙරට සංචාරක කේෂ්ත්‍රය සම්බන්ධයෙන් එම සාකච්ජාව පැවති බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමේ ක්ෂණික හා දිගුකාලීන සැලසුම් පිළිබඳව සාකච්ජා කළ බවත්, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය සහ සිත් ඇදගන්නාසුළු සංස්කෘතිය තවත් ඇමරිකානුවන් සමඟ බෙදා ගැනීමට තමන් උනන්දු වන බවද ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයට ආරක්ෂිත, තිරසාර නැවත පැමිණීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා ප්‍රධාන සාධකයක් බව තමන් විශ්වාස කරන බවයි තානාපතිවරිය වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ.