22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

August 10, 2022 at 11:09 AM

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගිය 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වුණා.

20 වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් අහෝසි වූ 19 වන ව්‍යාවස්ථා සංශෝධනයේ යටපත් කරුණු මෙන්ම නව සංශෝධන කිහිපයක්ද 22 වන ව්‍යාවස්ථා සංශෝධනයට ඇතුලත් බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මිට පෙර සඳහන් කර සිටියේ.