සේන් නදියේ සිරවූ තල්මසා මුදාගනී

August 10, 2022 at 9:40 AM

ප්‍රංශයේ සේන් නදිය ආශ්‍රිතව දින කීපයක් සිරවි සිටි තල්මසා මුදාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් විය.

එම සත්වයා බත්තලක බහා ඉන් අනතුරුව ශීතකරණයක් සහිත ට්‍රක් රථයක් මගින් වෙරළට රැගෙන යන බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම සත්ත්වයා ගේ තත්ත්වය යහපත් නොවන බවත් වාර්තා වෙයි.

මෙම තල්මසාගේ බර කිලෝ 800ක් පමණ වේ.

ඡායාරූප AFP.