ඩීසල් ලීටර් 19,000ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

August 10, 2022 at 10:09 AM

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස  ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

 හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ  කාර්යබලකා මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ ද සහය ලබාගනිමින් අද (10) අලුයම 2ට පමණ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර මෙම ඩීසල් තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.