හෙට සිට විදුලි බිල සීයයට 75කින් ඉහල දමයි

August 9, 2022 at 1:00 PM

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී විදුලිබිල සීයයට 75ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ ලක්ෂ 48ක් පමණ අඩු විදුලි ඒකකයන් පරිභෝජනය කරනු ලබන නිවාස සඳහා උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරනු ලැබූ බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක් දක්වා භාවිතා කරන ගෘහස්ත බිලක් සඳහා විදුලිබිල වැඩි කිරීම 264%කින් වැඩි කිරීමටත්, ඒකක 60 දක්වා පරිභෝජනය කරන නිවසක විදුලි බිල සීයයට 200කින් සහ ඒකක 90ක් දක්වා භාවිතා කරන නිවසක විදුලි ගාස්තුව සීයයට 125කින් මිල වැඩි කිරීමට අවසර ලබාදී ඇති බවයි