විදුලි බිල වැඩි වෙන හැටි අද කියයි

August 9, 2022 at 9:28 AM

විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ අද දහවල් 12.00 ට පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී නිල වශයෙන් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය දැනුම් දෙන බවයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමටද මහජන උපයෝගිතා කොමිසම ඉකුත් කාල සීමාවේදී පියවර ගෙන තිබුණා.

එම යෝජනා සහ අදහස්ද සැලකිල්ලට ගණිමින් නව ගාස්තු සංශෝධනය සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.