විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

August 9, 2022 at 10:32 AM

විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාද සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොරව විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන වාහන ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යුත් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විවිධ පාර්ශව මඟින් ඉල්ලීම් කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෝටර් වාහන පනතේ නොමැති බැවින් එම පනත මෙලෙස සංශෝධනය කර තිබේ.