ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කෙරේ

August 9, 2022 at 11:11 AM

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ස්ථායිතාවය තහවුරු කිරීම සහ ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජලසේවා සැපයීම පිණිස ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජල ගාස්තු සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ.