නව ගෑස් සිලින්ඩර වෙළද පළට නිකුත් කිරීම අත් හිටුවයි. මිල සූත්‍රයකට අනුව මිල සංශෝධනය මාසිකව

August 8, 2022 at 6:55 PM

පවතින තත්ත්වය හමුවේ අලුතින් ගෑස් සිලින්ඩර වෙළඳ පලට නිකුත් කිරීම අත් හිටුවා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.
එ මෙන්ම මාසිකව ගෑස් මිල, සූත්‍රයකට අනුව සංශෝධනය කිරීමටද පියවර ගන්නා බව ඔහු පවසයි.

සෑම මාසයකම පළමුවැනිදා ගෑස් සම්බන්ධයෙන් ලෝක වෙළඳපලේ මිලගණන් පිලිබඳ වෙනස්කම් ප්‍රකාශයට පත්කෙරෙනවා . ඒ අනුව අපට සෑම මාසයකම පස් වැනිදා පමණ වනවිට මෙරට ගෑස් මිල පිලිබඳව තීරණය කළ හැකියි

 

“මේ වන විට වෙළඳපලට අලුතින් ගෑස් සිලින්ඩර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා තිබෙනවා. මගේ පළමු සහ ප්‍රධාන අභියෝගය වුණේ ලක්ෂ 45ක් හිස් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර තොගය ගෑස් පුරවා යළි මෙරට ජනතාවගේ නිවාස වළ මුලුතැන් ගෙට යැවීම . මම ඒ අභියෝගය ජයගනිමින් ඉන්නවා.”

යැයිද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.