නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කරන්න LIOC සමාගමට අවසර

August 8, 2022 at 11:51 AM

ලංකා IOC සමාගමට ශ්‍රී ලංකාව තුල තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අවසර ලබාදී තිබෙනවා. මේ බව එම සමාගමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටියා,

මේ වන විට මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නව ඉන්ධන සැපයුම්කරුවන් සඳහා අවසර ලබාදීමට ද බලශක්ති අමාත්‍යාංශය පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ලැබුවා.