ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචිවීම නැවත ඇරඹේ

August 8, 2022 at 10:45 AM

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීම නැවත ආරම්භ වී සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයේ පද්ධතියේ යාවත්කාලින කිරීමක් හේතුවෙන් ගතවූ පැය 48ක කාලය තුලදී ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වූ නව ලියාපදිංචි කිරීම් අත්හිටවනු ලැබුවා.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත් කාලීන කෙරුණා.

ඒ අනුව මෙම සතිය තුළදීද පසුගිය සතියේ ලබාදුන් ඉන්ධන කෝටාවම එක් එක් වාහන ඛාණ්ඩයන් සදහා ලබාදෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.