විදුලිබිල වැඩි කිරීම ගැන නිවේදනය අනිද්දා : දෛනික විදුලි කප්පාදුව ගැනත් දැනුම් දීමක්

August 7, 2022 at 6:30 PM

ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

මේ අතර හෙට සිට ලබන බදාදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක පමණ කාලයක් සඳහා සීමා කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.