ඉන්දියාවේ SSLV චන්ද්‍රිකා ව්‍යාපෘතියේ පළමු උත්සාහය අසාර්ථක වන ලකුණු. ගුවන්ගත කළ චන්ද්‍රිකාව ආගිය අතක් නෑ.

August 7, 2022 at 1:17 PM

ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය හෙවත් ISRO මගින් ක්‍රියාත්මක SSLV (කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන යානා) ව්‍යාපෘතිය යටතේ පළමු චන්ද්‍රිකාව අද ගුවන් ගත කෙරිණ.

ඒ ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි. එම මධ්‍යස්ථානය මගින් ගුවන් ගත කළ පළමු රොකට්ටුව වන්නේ ද මෙම SSLV 2යි.

අද පෙරවරුවේ විශාල පිරිසක් එම අවස්ථාව නැරඹීමට එක්ව සිටියහ.

EOS2 සහ අසාදිසාත් නම් කුඩා චන්ද්‍රිකා දෙක රැගත් SSLV රොකට්ටුව ගුවන් ගත කෙරුණේ අද පෙරවරු දහයට පමණය.

එය සාර්ථකව චන්ද්‍රිකා දෙක රැගෙන සිය මූලික අදියර තුනම සාර්ථකව අවසන් කරමින් EOS 2චන්ද්‍රිකාව උඩු ගුවනට කක්ෂ ගතකලත් අවසන් මොහොතේ ඉන් දත්ත සම්ප්‍රේශණය නතර විය.

ISRO ආයතනය මේ වන විට ඊට සිදුවූයේ කුමක්දැයි සොයාබලමින් සිටී. නමුත් පැය කීපයක් ගතවී ඇතත් චන්ද්‍රිකාව ට සිදුවූ දේ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයක් ප්‍රකාශ කර නැත.