අගමැති දිනේෂ්, බැසිල් හමුවක්

August 6, 2022 at 10:40 AM

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ දී හිටපු මුදල් අමාත්‍ය ,සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල්  රාජපක්ෂ මහතා හමුවිය.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වරයාද වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙම අවස්ථාව සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මහජන එක්සත් පෙරමුණ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිගුකාලීන සාමාජිකයෙකු වන බවත් එහි සඳහන් කර ඇත.